ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් පැවැත්විණ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(09) මෙම සාකච්ජාව පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී පළාතේ වර්තමාන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.

එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ රජය සෑම අවස්ථාවකම උතුරේ ජනතාවගේ ජන ජිවිතය නංවාලීමට අවහ්‍ය සියළු සහයෝගය ලබාදෙන බවයි.

උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු හා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසටද ආණ්ඩුකාරවරයා ඉල්ලීම් කරනු ලැබීය.

සාකච්ජාවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රිකාඩෝ චෙලරි මහතා,හාන්ස් වේබර් මහතා ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එකම යථාර්තවාදී ප්‍රතිපත්තිය [VIDEO]

Mohamed Dilsad

පාළිත,හේෂා ඇප මත නිදහස්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – වේගය සීමා කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment