ප්‍රමුඛ පුවත 1

උතුරේ පුනරුත්ථාපනය වූවන්ට වෘතීය පුහුණුව

(UTV| කොළඹ) – උතුරු හා නැගෙනහිර පළාත්වල පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් සඳහා විධිමත් රැකියා ලබා ගැනීම සඳහා ඔවුන්ට වෘත්තීය පාඨමාලා හැදෑරිය හැකි පහසු ක්‍රමවේද සොයා බලා කටයුතු කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන් අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවැසූයේ වෘත්තීය පාඨමාලා සහ පුහුණු ආයතනයන්හි ප්‍රධානීන්ගේ රැස්වීමක් ඊයේ (08) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදීය.එහිදී අමාත්‍යවරයා මේසේද පැවසුවා,

උතුරු හා නැගෙනහිර පළාත්වල පුනරුත්ථාපනයවු තරුණ තරුණියන් 12000 ක් පමණ සිටිනවා. ඔවුන් සමාජගතවෙලා යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හා හැකියාවන් කුසලතාවයන් පිළිබඳව නිසි අධ්‍යනයක් කළ යුතුයි. ඔවුන්ට වෘත්තීමය ගරුත්වයක් ලබා දිය යුතුයි. රැකියාවකට පිවිසීමේදී ඔවුන්ද අනෙක් තරුණ තරුණියන් මෙන් තරඟකාරී රැකියා සඳහා යොමුවිය යුතුයි. උතුරු හා නැගෙනහිර සංවර්ධනයේදී ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත්.

ඒ නිසාම අපි දැනට සකස්කර තිබෙන පාඨමාලා ඔවුන්ට සංකීර්ණවිය හැකියි. ඔවුන්ටත් පහසුවෙන් ඔවුන් කැමති පාඨමාලා ඉගෙනීමට අවශ්‍ය පරිසරය විදිමත්ව සකස්කළ යුතුයි. ඒ සදහා පාඨමාලා සංශෝධනය කර ඔවුන්ට පහසු ලෙස මේ පාඨමාලා ඒ ඒ ප්‍රදේශයන්හි පැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා අමාත්‍යාංශයේ සියලුම ආයතන එකතුව, පුද්ගලික අංශයේද සහය ලබාගෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සදහා කෙටි කාලීන පාඨමාලා, එක්දින පුහුණු වැඩසටහන් වැනි ඔවුන්ට සහභාගිවිය හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස්කල යුතුයි. ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි යැයිද අමාත්‍යවරයා පැවසුවේය.

 

Related posts

බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට ඕනෙද නැද්ද කියලා තීරණයක් ගන්නවා – ඇමති තලතා කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

පේරාදෙණිය සරසවිය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment