ප්‍රමුඛ පුවත 1

හජ්ජි උත්සවය ‌වෙනුවෙන් ජනපති හා අගමැතිගෙන් සුභාශිංසන පණිවිඩ

 

UTV ‍‍‍‍‍| ‌කොළඹ – ‍ ඉස්ලාම් භක්තිකයන් ඉමහත් හරසරින් සමරන ආගමික උත්සවයක් වන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ.

හජ් උත්සවය යනු ඉස්ලාම් බැතිමතුන් සාමයෙන් හා සහෝදරත්වයෙන් බැඳී පවත්වන ලෝක සමුළුව ලෙස හැඳින්විය හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඒෙමන්ම විශ්වාසය, උපවාසය , පරිත්‍යාගය , නැමදීම හා හජ් වන්දනාව යන පංචචිධ සාධක පාදක කොට පවත්නා ඉස්ලාම් දහම මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ට බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන අවස්ථාව බවයි ජනාධිපතිවරයා තම සුභ පැතුම් පණිවිඩෙයන් සඳහන් කලේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හජ් සැමරුම ලෝක සාමය වෙනුවෙන් දෙවියන් නමදින අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවයි.

තණ්හාව සහ ආත්මාර්තය පසෙකළා බෙදා හදා ගැනීම පුහුණුවීමට හජ් සැමරුම අවස්ථාවක් කර ගතයුතු බවද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටී.

ඊදුල් අල්හා හජ් උත්සවය සමරන මෙරට මුස්ලිම් ජනතාවට සුභ පතමින් කථානායක කරූ ජයසූරිය මහතාද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

විශ්වාසයන් සමඟින් හජ් වන්දනාවේ යෙදුණු ශ්‍රී ලාංකිකයන්ගේ පූජෝපහාරයන් මෙන්ම බැතිබරව ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය සමරන සමස්ත ශ්‍රී ලාංකේය ඉස්ලාම්වරුන්ගේ කැප කිරීම හා පරිත්‍යාගය ශුද්ධ වූ අල්ලාහ් දෙවියන්ගේ පිළිගැනීමට ලක් වේවා යැ’යි ප්‍රාර්ථනා කරන බව කථානායකවරයා සිය සුභ පැතුම් පණිවිඩ‌යෙන් සදහන් කර ඇත.

Related posts

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නායයෑමේ නිවේදන

Mohamed Dilsad

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

දීර්ග විමර්ශනයකින් පසු මධූෂ් ඇතුළු පිරිස ප්‍රථම වරට ඩුබායි අධිකරණයට..

Mohamed Dilsad

Leave a Comment