ප්‍රමුඛ පුවත 1

වසරේ ගතවූ මාස හතට ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක්

UTV | කොළඹ – මේ වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 යි දින 11 තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන බවත්, මෙම කාලය තුළදී දිවයිනෙන්ම ඩෙංගු මරණ 55 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවලින් බවත්, එය 45 % ප‍්‍රමාණයක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය අවධාරණය කළාය.

පසුගිය වසරේ  දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තාවූ බවත්, එම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 58 ක් වාර්තාවූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

Related posts

දකුණේ වෛද්‍ය වැඩවර්ජනයක්

Mohamed Dilsad

තමන්ට ප්‍රතිවාදියාගේ පුරවැසිභාවය ගැන කිසිඳු ගැටළුවක් නැහැ [VIDEO]

Mohamed Dilsad

මාර්ග අනතුරකින් පාසල් සිසුන් 16 ක් රෝහල් ගත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment