ප්‍රමුඛ පුවත 1

එජාප රැල්ල අද බදුල්ලෙන් ඇරඹේ

(UTV| බදුල්ල) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද(12) බදුල්ලේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

අද පස්වරු 04.00ට බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාපිටියේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිත අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ අපේක්ෂකයා ලෙස පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම අද දිනයේ අරමුණ බවයි.

ලොකු ශක්තියක් පෙන්විය හැකි දිනයක් ලෙස අද දිනය තුළ ලංකාවේම රැල්ල නිර්මාණය වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා  එජාප පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ඒම සඳහා පළමු වෙඩිමුරය අද තබන බවද  හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්

Mohamed Dilsad

සැකකටයුතු ලෙස සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment