ප්‍රමුඛ පුවත 1

වවුනියාවේ ගැටුමක් පිරිසක් රෝහලේ

(UTV|වවුනියාව) – දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තරුණ‍යින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වවුනියාව,කුමරුමන්කාඩුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ මෙම ගැටුම හට ගෙන තිබේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති අතර කඩු හා පිහි යොදා ගනිමින් මෙම පුද්ගලයින් ගැටුමට සම්බන්ධවි ඇත.

ගැටුමට සම්බන්ධ තරුණයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පිරිසක් වන බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම පිරිස අද (13) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගැටුම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

එළඹෙන සඳුදා සිට ලංගම බස් 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවත සේවයට

Mohamed Dilsad

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

ගාල්ලේ දින ගණනක් යා නොහැකි වූ ගමට ගුවනින් යයි

Mohamed Dilsad

Leave a Comment