ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප අවසන් තීරණය තව සති දෙකකින් – මන්ත්‍රී දුමින්ද කියයි

(UTV| කොළඹ) – ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අවසන් තීරණය ගන්නා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02 වැනිදා වන විට මෙම සාකච්ජා සාර්ථක වී  අනාගතයේ රටේ ජනාධිපතිවරයා පත් කර ගන්නා පුළුල් සන්ධානය බිහි කර ගන්න හැකි වෙතැයි විශ්වාසයක් කරන නමුත්, මොනම හේතුවක් නිසාවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මන්ත්‍රීවරයා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි පැහැදිලිවම කිව යුතු කාරණයක් තිබෙනවාමේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදීපත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඒක පොහොට්ටුවට වේවාඑක්සත් ජාතික පක්ෂයට වේවා ප්‍රධාන කඳවුරු දෙකටම අපි නැතිව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ”.

“පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණටඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ.ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාශ මට්ටමින් එක්කෙනක්ට ජන්ද250 යිතව එක්කෙනක්ට 300 නම් 300 ගත්ත කෙනා දිනුම්.හැබැයි ජනාධිපතිවරණයේ එහෙම නෙමෙයිවැටෙන සමස්ථ ඡන්ද වලින් 50% කුත් එක් ඡන්දයක් ගන්න ඕන තනි පුද්ගලයෙක්.ඡන්ද ලක්ෂ 130 ක් වැටෙයි කියලා බලාපොරොත්තු වුණොත් හැටපන් ලක්ෂ එකක් ජන්දයක් ගන්න ඕන.පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රථිපල ගත්තම පොහොට්ටුවට ලක්ෂ 50 යියූ.එන්.පී එකට ලක්ෂ 35 යිශ්‍රී ලංකා එකට ලක්ෂ  15 යිප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය ගියා පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් නිසාමේ ප්‍රථිපලයම වැටුණොත් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ කෙනා ජනාධිපති වෙන්නේ නෑ.එයාට ජන්ද පහලොස් ලක්ෂ එකක් අඩුයි.ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35 ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට තව ලක්ෂ තිහක් ඕනලක්ෂ 15 ක් තියෙන අපිට තව ලක්ෂ 50 ක් ඕන.එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑදැන් ලක්ෂ 50 ක් තිබ්බට වැඩක් නෑලක්ෂ 15 ව නැතිව.ඡන්ද ලක්ෂ 50 ක් තියෙන අය කොච්චර දැඟලුවත්කෑගැහුවත් අපේ ලක්ෂ 15නැතිව දිනන්න බෑ.අපේ ඡන්ද ලක්ෂ 15 තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂයත් ඡන්ද ලක්ෂ 35 ක් තියාගෙන අපි තමයි ජනාධිපති කිව්වට වැඩක් නෑඉතුරු ලක්ෂ 30 හොයා ගත්තේ නැත්නම් ඒ ගොල්ලන්ටත් බෑ.ඒ අයටත් අපේ ඡන්ද ලක්ෂ 15 ආවොත් තමයි තව ලක්ෂ 15 ක් හොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.මේ දෙපැත්තටම තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ශක්තිමත් වෙන්නඔබතුමන්ලා කළකිරෙන්නදුක් වෙන්න අවශ්‍යතාවක් නෑශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව මේ රටේ ජනාධිපති හදන්න කාටවත් පුළුවන්කමක් නෑ”.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමඟත් දැන් සාකච්ජා පවත්වාගෙන යනවාජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ජා කරලා තියෙනවා,ඉදිරියේදී තව සාකච්ජා කරනවා.හැබැයි සාකච්ජා වල තවම අවසන් තීන්දුවක් නෑ.අවසන් තීන්දුව ලැබුණට පස්සේ තමයි   පක්ෂයක් ලෙස අපි එකතු වෙනාවදකොහොමදමොනවදමොකක්ද කරන්නේ කියලා තීන්දු කරන්නේ.හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ.පහුගිය වතාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම භාර දෙන කොටම මම ඇමතිකම භාර නොගෙන හිටියේමටත් තිබුණා අනෙක් අය වගේම ගිහින් ඇමතිකම් භාර ගන්න.මම ඇමතිකම භාර ගත්තේ නැත්තේඇමතිකම භාර ගන්න කලින් අපිට තිබුණා ගණු-දෙණු කීපයක් බේරා ගන්න.මම ඇමතිකම අරගෙන මගේ වැඩේ බේරා ගත්තට හරියන්නේ නෑ.අපේ ආසන සංවිධායකවරුප්‍රදේශීය සභා පළාත් සභාපාර්ලිමේන්තු මන්ත්‍රීවරුපාක්ෂිකයෝ කියන මේ සියලු දෙනාගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන්නේ නැතිව අපිට පුළුවන්කමක් නෑ මේ වැඩේ ගොඩින් බේරා ගන්න.අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ,අර ලැයිස්තුවේ අගටම නේද යන්න වෙන්නේ.දැන් ගියහම ඡන්දය වෙනකල් පිළිගනියිඡන්දේ ඉවර වෙනකල් අක්කේනංගියේමල්ලියේ සේරම කියලා කරේ තියාගනියි.හැබැයි ඡන්දෙන් පස්සේ අපි තමයි මේක හැදුවේ උඹලා අවුරුදු ගණනක් එහා පැත්තේනේ ඒ නිසා ඉස්සරලා අපේ එවුන්ට කරලා තමයිඔයගොල්ලන්ට කරන්නේ කියයි”.

“අදටත් අපේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ හිටියටඅපේ මන්ත්‍රීවරයකුගේ යෝජනාවකට වීදි ලාම්පුවක්වත් දාන්නේ නෑ.කොච්චර සාකච්ජා කළත්මොනවා කලත් අපි අගමැතිකම මහින්ද මහත්තයාට දීලත් සමහර ප්‍රාදේශීය සභා වලින් අපේ මන්ත්‍රීවරයකුට වැඩක් කර ගන්න බෑ.මේකම නේද ඉස්සරහටත් වෙන්නේ.ඒ නිසා තමයි අපි පක්ෂයක් විදිහට හරියට සාකච්ජා කරලා හරියට තේරුම් අරගෙනහරියට කථා බහ කරලා තමයි මේ එකඟතාවය ඇති කර ගන්න ඕන.එහෙම නැතිව ඔහේ ගිහින් හිටගත්තා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයා ආරක්ෂා කරගන්න බැරිවෙනවා.ඒ නිසා පාක්ෂිකයින් කළබල වෙන්න එපා ඉදිරි සති දෙක තුන ඇතුළත අවසන් තීරණය ගන්නවා.අපේ පක්ෂයේ සංවත්සරය තියෙනවා සැප්තැම්බර් මාසේ 02 වැනිදාඅපි විශ්වාස කරනවා සැප්තැම්බර් 02 වැනිදා වන විට මේ සාකච්ජා සාර්ථක පැත්තට ගිහින් අපිට අනාගතයේ රටේ ජනාධිපතිවරයා අපි හදන පුළුල් සන්ධානය තුළ හදාගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා.ඒ වෙනුවෙන් අපි කැපවෙලා වැඩකටයුතු කරනවා.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කළකිරෙන්නභය වෙන්න කිසිම වුවමනාවක් නෑ. හැබැයි ගමේ ඉන්න පාක්ෂිකයෝ දැන්ම තීන්දු – තීරණ ගන්න වුවමනාවක් නෑ.පක්ෂයක් ලෙස ඉහළින් පාක්ෂිකයා ආරක්ෂා කරන ක්‍රමවේදයෙන් පස්සේ අපි පාක්ෂිකයින් දැනුවත් කළාට පස්සේ පාක්ෂිකයින්ට තීන්දුව ගත හැකියි”.

“මම ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම ශ්‍රී ලංකා කියාගෙනමාව යවන්න එක පාර්ශවයක් මම යූ.එන්.පී යනවා කියලා කියනවාතව පාර්ශවයක් ඒ අයට හයිය නැති නිසා මම ඒ පැත්තට එයි කියලා බලාගෙන ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා.මම තනි වෙලා ඉන්නවාදෙපැත්තක අය මම යූ.එන්.පී යනවා කියලා කියනවා.ඉතාම පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දුවක් ගන්නවා විනාඅපිට එහෙම පක්ෂ මාරු කරන්න අවශ්‍යයතාවක් නෑ. මම මෛත්‍රී මහත්තයා එක්ක නොවැම්බර් 21 වැනිදා එළියට ගිහින්මෛත්‍රී මහත්තයාගේ සම්පූර්ණ ඡන්ද ව්‍යාපාරය තුළ මම කිව්ව ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා 2015 ජනවාරී 08 වැනිදා කියන්නේ රටේ ජනාධිපතිවරයා උතුරු මැද පළාතෙන් බිහි කර ගන්න දවස වගේමශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක්තවය උතුරු මැද පළාතට ගන්න දවස තමයි ජනවාරී 08 කියන්නේ කියලා.අපිට සැලසුමක්වැඩපිළිවෙලක් තිබුණා ජනාධිපතිකම පමණක් නෙමෙයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් අපි ශක්තිමත් කරනවා කියන බලාපොරොත්තුවත් එක්ක තමයි අපි එදා හිටියේඒ වගේම අද වෙනකල් අපි ඉන්නේ ඒ බලාපොරොත්තුවෙන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ නරක කාළසීමාවන් තිබුණාහැබැයි ඒ නරක කාළසීමාවන් කොච්චර තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ මහා දැවැන්ත පක්ෂය කාටවත් මරන්නවත්විනාශ කරන්නවත් පුළුවන්කම ලැබුණේ නෑ.සිරිමාවෝ මැතිණියත් එක්ක තරහා වෙලා චන්ද්‍රිකා මැතිණියත් අලුත් පක්ෂ හැදුවානේහැබැයි අවසානයේ ඒ අලුතින් හදපු පක්ෂය මැරෙනවාචන්ද්‍රිකා මැතිණිය නැවත වතාවක් තමන්ගේ මහ ගෙදරට එනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ මුලමැදඅග.අපේ ආරම්භය වගේම අපේ අවසානය වෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් වෙනත් පක්ෂ නෙමෙයි” යැයි වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවීමට සුදානම්

Mohamed Dilsad

තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

හැටන් පාසැලක ගුරුවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

Mohamed Dilsad

Leave a Comment