(UTV|COLOMBO) – ජාත්‍යන්තර 20-20 කාන්තා ක්‍රිකට් තරග වංශ කතාව තුළ නොකඩවා වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම බවට පත්වීමට තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනේ 2019 අගෝස්තු 10 වැනිදායි.
නෙදර්ලන්තයේ දී පැවති සිව්කොන් තරගාවලියක් අතරතුර නෙදර්ලන්තය පරාජය කිරීමත් සමඟ පිට පිටම 17 වැනි 20-20 ජයග්‍රහණය තමයි ඔවුන් අතින් වාර්තා වුනේ. පෙර මෙම වාර්තාව සතු වුනේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතුවයි. ඔවුන් 2014 මාර්තු මස සිට 2015 අගෝස්තු මාසය දක්වා ජාත්‍යන්තර 20-20 තරග 16ක් එක පෙළට ජයග්‍රහණය කොට තිබුණා.
ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් දැයි නොදන්නා තරමටම වෙනත් ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධියක් උසුලන තායිලන්තය මේ වන විට ආසියාවේ ක්‍රීඩාශීලී රටවල් අතුරින් ප්රමුඛ ස්ථානයක් දිනා තිබෙනවා. බොක්සිං, වොලිබෝල් සහ පාපන්දු මේ වන විට එරට තුළ ශීඝ්‍රයෙන් ඉහළට එමින් තිබෙන අතරේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද ඉල්ලුමක් ඇතිවීමට වත්මන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් හේතු වෙනවා ඇති.
මේ අතර සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම ද 20-20 ජාත්‍යන්තර තරග 14ක් මේ වන විට අඛණ්ඩව ජයගෙන තිබෙනවා. ඇතැම් විට ඔවුන් අතින් තායිලන්ත වාර්තාව බිඳ වැටිය හැකියි.
[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]