ප්‍රමුඛ පුවත 1

නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV|නුවරඑළිය) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

විශේෂයෙන් අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි කදුකරු බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අදාළ ප්‍රදේශවලට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 කට වැඩි  වර්ෂාපතනයක් ඇද හැලී තිබේ.

මේ හේතුවෙන් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් හා පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වාදෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවුලක් නොමැති දරුවන්ගේ රැකවරණයට විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment