ප්‍රමුඛ පුවත 1

ඇමති ගාමිණී ජයවික්‍රම වෙනත් දිනක් ඉල්ලයි

(UTV| කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට අද දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බව එම කොමිසම වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද දිනයේ රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදුකර තිබුණි.

නමුත් ඔහුට අද දිනයේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවත් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසම් සභාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් පාර්ලිමේන්තු ආරක්ෂාවට පොලිස් කණ්ඩායම් කිහිපයක්

Mohamed Dilsad

සිය අභියෝගයට පිළිතුරු දිය යුත්තේ ගෝඨාභයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment