ප්‍රමුඛ පුවත 1

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වන අලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි අලි සමීක්ෂණයක් සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.

මෙම සමීක්ෂණය ස්ථාන 2229දී සමීක්ෂකයින් 7316ක් යොදාගෙන ය සිදු කිරීමට නියමිතය.

2011 වසරේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.

මෙම සමීක්ෂණය සඳහා බාහිර පුද්ගලයන් සහභාගී කර ගැනීමටද එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවත් ඒ අනුව 011-2888585 දුරකතන අංකය අමතා සමීක්ෂකයෙක් ලෙස ලියාපදිංචි විය හැකි බවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක පත්වේ

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

බෙලෙක් සමන්ට කුලියාපිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment