ප්‍රමුඛ පුවත 1

මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ

(UTV|මන්නාරම) – බදුල්ල, අනුරාධපුර, කුරුණෑගල සහ මන්නාරම රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 6.15 ට මන්නාරම – මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ මහා පූජාව  ආරම්භ කෙරුණි.

මහා පූජාවෙන් අනතුරුව මරදමඩු දේව මෑනියන්ගේ ප්‍රතිමාව පෙරහරින් දේවස්ථානය වටා රැගෙන යාම සිදුකිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව ආශිර්වාද ලබාදීම සිදුකිරීමෙන් පසු මංගල්‍යයේ අවසන් කිරීමට නියමිතය.

මෙවර මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්  කෙරුණු අතර පොලිස් හා යුද්ධ හමුදා නිලධාරීන් 700 කට අධික පිරිසක් යොදවා සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරුවෙකුට පහර දුන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේ

Mohamed Dilsad

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment