ප්‍රමුඛ පුවත 1

5හේ ශිෂ්‍යත්ව සමතුන්ට ‘‘ඔන් ලයින්’’ ක්‍රමයට ශිෂ්‍යාධාර

(UTV| කොළඹ) – ශිෂ්‍යත්ව සමතුන් වෙත ශිෂ්‍යාධාර මුදල් ‘‘ඔන් ලයින්’’ ක්‍රමයට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා තාක්ෂණය සහාය කරගනිමින් පියවර ගන්නා ලෙසයි.

එහි පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ඇති ලකුණු ඇතුළු ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලැබීමට අදාළ සියලු සවිස්තරාත්මක දත්ත මේ වන විට Online ක්‍රමයට ඇතුළත් කර තිබේ.

මෙතෙක් මාස් පතා පැවති වවුචර් ක්‍රමය වෙනුවට මෙම Online ක්‍රමය පැවතිමෙන් අදාළ ශිෂ්‍යාධාර මුදල් සිසුන්ගේ ගිණුමට නොපමාව බැරවීම සිදුවේ.

දැනට ලබන මාසික ශිෂ්‍යාධාර මුදල වන රුපියල් 500/- රුපියල් 750/- දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙහි දෙවෙනි අදියර ලෙස 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන් වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වල සිසුන් සඳහාත් Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අද

Mohamed Dilsad

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

උතුම් පොසොන් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment