ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

(UTV|අනුරාධපුරය) – රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර කාර්යාල පරිශ‍්‍රය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කාර්යාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්.ඞී. ඒකනායක යන මහත්ම මහත්මින් ඇතු`ථ මහජන නියෝජිතයන් පිරිසක් ද, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනි නිලුකා ඒකනායක, සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment