විදෙස්

මංගල සාදයකට ප්‍රහාරයක් හැටතුන් දෙනෙකු මරුට

(UTV| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මංගල උත්සවයක් පැවති උත්සව ශාලාවකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තවත් 180කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි අනාවරණය වී තිබේ

කාබුල් අගනුවරට බටහිරින් ෂියා මුස්ලිම් වැසියන් බහුතරයක් වාසය කරන ප්‍රදේශයකදී බෝම්බය පුපුරාගොස් ඇත.

තලෙයිබාන් සංවිධානය පවසන්නේ ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.

කෙසේ වෙතත් වෙනත් කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදි යළි අගමැති කරන්න ජනතාව සුදානම්

Mohamed Dilsad

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment