ප්‍රමුඛ පුවත 1

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

(UTV|මහනුවර)  –  ගලහ , දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි පුද්ගලයෙකු එහි වහලයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

අඩි 9ක් පමණ උස වහලයකට නැග ඇති ඔහු ජල නළ සවි කිරීමකට සූදානම් වූ අවස්ථාවේදීය ඉන් ඇද වැටී ඇත.

පසුව ඔහු දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලූල්කඳුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තැපැල් වර්ජනයට තවත් වෘත්තිය සමිති එක් වෙයි

Mohamed Dilsad

ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි – ජනාධිපති

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමග කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment