ප්‍රමුඛ පුවත 1

නව යුද හමුදාපති පත් කිරීම ගැන මානවහිමිකම් කොමසාරිස්වරිය කණගාටුවෙන්

(UTV| කොළඹ) – නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය සිය කණගාටුව පල කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පත් කිරීම අතිශ්‍යයින් ගැටළු සහගත බවයි.

යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නිති උල්ලංඝණය කළ බවට චෝදනා ඇති බැවින් අදාළ පත් කිරීම සිදුනොකළ යුත්තක් බව ඇය පෙන්වා දී තිබේ.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබාදුන් උසස්වීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිහේ එක යෝජනාවට අනුව ප්‍රතිසන්ධාන, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිද දමා ඇති බව මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාවලියට ද බලපෑම් එල්ල විය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පසුගිය මාර්තු මාසයේ දි ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ද කණස්සල්ල පල කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ද ඊයේ(19) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල පල කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවට අද වාර්තා දෙකක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවරකරුවන්ට මරණ දඬුවම දෙන්නැයි ජනපති යළිත් ඉල්ලයි

Mohamed Dilsad

ෆේස් බුක් සාදයක සිටි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment