විදෙස්

ඉන්දීය අගමැතිට ජනපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක්

(UTV|ඉන්දියාව) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක නිරතව තිබෙනවා.ඒ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය තත්ත්වය පිළිබඳවය.

ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු කරවීමට පකිස්ථානය ප්‍රයත්න දරන පසුබිමකදී මෙම සංවාදය සිදුවීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජාවකින් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව අමතා ඇති බව වර්තා වේ.

දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය තත්ත්වය පිළිබඳව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළ බව මාධ්‍ය වාර්තා වල සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දු පාකිස්ථාන නොසන්සුන්තා දුරලා කලාපීය සාමය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි.

ත්‍රස්තවාදයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක් කලාපයේ පවත්වා ගැනීමේ වැදගත්කම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම විනාඩි 30 ක් පැවති දුරකතන සංවාදයේදී ඉස්මතු කළ බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කලාපයේ ඇතැම් නායකයන්, ඉන්දීය විරෝධි ප්‍රචණ්ඩත්වයට රැකුල් දීම, කලාපීය සාමයට බලපෑම් එල්ල කර ඇති බවට චෝදනා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයි

Mohamed Dilsad

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment