ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ගැන පරීක්ෂණයක් ඉල්ලයි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

(UTV| කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසි භාවයෙන් ඉවත්ව සිටියදී ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී තිබීම ගැන නොපමාව සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එම මධස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ.

තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත මෙරටේ අටවැනි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට නියමිත ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම ශ්‍රී ලාංකීය පුරවැසිබව ඉවත් කරගෙන සිටි සමයේ එවකට උපයෝගී කරගත් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව සිට ඇතැයි යනුවෙන් පළව ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තම බලවත් අවධානය යොමුකර ඇත. එහිලා සතිඅන්ත සිංහල මාධ්‍ය පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට ඇති අතර එකී පැමිණිල්ල පිළිබඳ කොමිෂන් සභා තීරණය ලබාදීමට නියමිතව පැවතියේ පෙර දිනයේය.

එහි පවත්නා වඩාත් බරපතළ තත්ත්වය නම් ඔහු මෙරටේ පුරවැසියකුව නොසිටින පසුබිමකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව තිබීමත්, වසර 2005 මෙරටේ පැවැත්වූ පස්වැනි ජනාධිපතිවරණයේදී තම ඡන්දය භාවිත කිරීමත්ය. මෙරටේ ජනාධිපතිවරණය හා සබැඳි මැතිවරණ නීතිය බලාත්මක කොට ඇත්තේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ මැතිවරණ පනත මඟින්ය. එකී පනතේ ප්‍රකාර මෙලෙස ව්‍යාජ ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම හා ඡන්දය භාවිත කිරීම අධිකරණය හමුවේ දඬුවමට ලක්විය හැකි වරදක් ලෙස දක්වා ඇත. එපමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලාංකීය පුරවැසියෙක් නොවන්නෙකුට පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණය යන එකදු මැතිවරණයකදී මෙන්ම ජනමත විමසුමකදී තම ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් නොමැත.

Related posts

නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට ලක්ෂ 40ක ත්‍යාග මුදලක්

Mohamed Dilsad

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment