ප්‍රමුඛ පුවත 1

ඉදිරි සති තුන ඇතුළත කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලයි

 

(UTV | කොළඹ) – ඉදිරි සති තුන තුළ කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සහ අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අළුත්වැඩියා කටයුතු අළුත්ගම, මතුගම සහ අගලවත්ත නව ජල ව්‍යාපෘතිය මඟින් සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම මණ්ඩලය සදහන් කරන්නේ.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, බේරුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජල සැපයුම සීමා වෙයි.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි අංශ ප්‍රධානි තනතුරට.

Mohamed Dilsad

Leave a Comment