ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද

 

(UTV | ‍කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද පස්වරු 2.00 ට කොළඹ නෙලුම්පොකුණ රගහලේ දී  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගීවීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම් විසින් සකස් කරන ලද ලේඛණයක් තාරුණ්‍යයේ නෙලුම් ප්‍රකාශය නමින් අද පැවැත්වෙන සමුලුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම, සියලු පළාත් නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

 

 

Related posts

බැඳුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල්වේ

Mohamed Dilsad

වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්‍රහනයක් – රජය

Mohamed Dilsad

Leave a Comment