ප්‍රමුඛ පුවත 1

අලියාවලෙයි මුහුදු තීරයෙන් සොයාගත් සැකකටයුතු පාර්සලය රස පරීක්ෂකවරයා වෙතට

 

(UTV | ‍කොළඹ) – යාපනය – අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය බවට සැකකරන පාර්සලය වැඩිදුර විමර්ශණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත නාවික හමුදාවේ සහය ඇතිව මෙම පාර්සලය සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේය.

කිලෝ 15 ක පමණ බරකින් යුත් එම ද්‍රව්‍ය වැලි සමග මිශ්‍ර කර තිබූ බව නාවික හමුදාව පවසයි.

සැකකටයුතු පාර්සලය ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයට ගෙන ඉන් අනතුරුව එය වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇත.

Related posts

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර දුන් පුද්ගලයන් 07ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

නුවරඑළියට මල්තුහින

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

Mohamed Dilsad

Leave a Comment