ක්‍රීඩා

ශ්‍රීලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනයට වර්ෂාවෙන් බාධා

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අද (25) කොළඹ – පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

නමුත් මේ වන විට අද උදෑසන සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

වර්ෂාව නැවතුනහොත් පස්වරු 1.00 පමණ වන විට තරගය ආරම්භ කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඊයේ තුන් වන දිනයේ තරඟය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 196 ක් රැස් කරගැනීමට සමත් විය.

Related posts

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

Mohamed Dilsad

Leave a Comment