ප්‍රමුඛ පුවත 1

සමන් ඒකනායකට නොතීසි නිකුත් කරයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හෙට (27) දිනයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැදවා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සදහා කරුණු විමසීමට බවයි වාර්තා වන්නේ.

අදාල ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සදහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට කොමිසම හමුවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුලත් කරුණු හා ඊට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

MCC ගිවිසුම පිලිබඳ කාවින්ද කතා කරයි [VIDEO]

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment