ප්‍රමුඛ පුවත 1

එස්.බී දිසානායක එරෙහිව ගොනු කළ අපහාස නඩුව ඉල්ලා අස්කරගැනේ

(UTV| කොළඹ) – පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී ජගත් කුමාර විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක තමන්ට අපහාස කළායැයි චෝදනා කරමින් ගොනු කළ අපහාස නඩුව දෙපාර්ශවය විසින් විවෘත අධිකරණයේදී ඉල්ලා අස්කරගෙන තිබේ.

ඒ දෙපාර්ශවයම විවෘත අධිකරණයේදී එකිනෙකා වෙත සමාව අයැද සිටීමෙන් අනතුරුවයි.

2017 වසරේ අගෝස්තු මස මාධ්‍ය හමුවකදී අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තමන්ට එස්.බී. දිසානායක හිටපු අමාත්‍යවරයා අපහාස කළ බවට රුපියල් ලක්ෂ 500 ක වන්දි මුදලක් ඉල්ලා ජගත් කුමාර කඩුවෙල දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුන අතර ඊට එරෙහිව
එස්.බී. දිසානායක හිටපු අමාත්‍යවරයා ද කඩුවෙල දිසා අධිකරණය හමුවේ ජගත් කුමාරට එරෙහිව නඩුවක් පවරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

කාබන් බද්ද සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment