ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ තවත් අනුගාමිකයින් දෙදෙනක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ  සාමාජිකයින් දෙදෙනෙකු අද(27) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරැ මතය.

මොවුන් දෙදෙනා නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගෙන ඇති බව පොලිසිය පවසයි.

මුහම්මදු රයිසුද්දීන් අබ්දුර් රහාමාන් වන එක් සැකකරුවෙක් වත්තේගෙදර, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම පුද්ගලයා සහාරන් විසින් පැවැත්වු නුවරඑළිය කඳවුරට සහභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු අනස් යන අනුවර්ථ නාමය ලබා දී ඇත.

අනෙක් සැකකරු වන්නේ, සෙයිනුල් ආබ්දීන් හප්සල්  වන අතර ඔහු කෝන්දෙණියගොඩ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සහාරාන් විසින් පැවැත්වු හම්බන්තොට කඳවුරට සහාභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු රාවා නැමැති අනුවර්ථ නාමය ලබා දී ඇත.

ඒ අනුව මේ වන විට සහරාන් ගේ අනුගාමිකයින් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවක වර්ජනය තාවකාලිකව අවසන්

Mohamed Dilsad

Leave a Comment