විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතිය

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙසට එරට නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය විසින් සිදු කල ඉල්ලීමට දෙවන එලිසබත් මහා රැජින සිය අනුමැතිය ලබා දී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එරට වත්මන් රජය ඊයේ ඉල්ලා සිටියේ ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩුවෙන් පසු ලබන මස මුලදී පාර්ලිමේන්තුව යලි ආරම්භ වීමෙන්අනතුරුව එය ඔක්තොම්බර් 14 වනදා දක්වා අත්හිටුවන ලෙසයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුව ආරම්භ කිරිමේ සම්ප්‍රදායික දේශනය මහා රැජින විසින් එදින පැවැත්වීමට නියමිතව තිබෙන තිබේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රික්සිට් සඳහා වන කල විරාමය ඔක්තොම්බර් 31 වනදා අවසන් වන අතර බ්‍රිස්කිට් ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව සිදු කිරීම වැලක්වීමට පාර්ලිමෙන්තුවට පවතින හැකියාව සීමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 86 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දීය අගමැතිට ජනපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක්

Mohamed Dilsad

Leave a Comment