විදෙස්

 “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]

(UTV| කොළඹ) – ලොව ලාබාලතම පරිසරවෙදිනියක් වන ග්‍රේටා තන්බර්ග් ( greata thunberg ) කිලෝමීටර 4800ක් අත්ලාන්තික් සාගරය හරහා දින 15 ක් පුරා  මුහුදේ ගමන් කරමින්  නිව්යෝර්ක් හි බලා ළඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වයස 16 ක් වූ ස්වීඩන ජාතික greata thunberg නිව්යෝර්ක් සහ චිලි යන නගරයන් වල පැවැත්වෙන ජගත් සංවිධාන පරිසර සමුළුව සහභාගිවීමට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඇය එක්සත් රජනධානියේ plumoth වාරයේ සිට කිසිදු වායු දුෂණයක් නොමැතිව බෝට්ටුවක් මාර්ගයෙන් නිව්යෝර්ක් බලා පැමිණීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් ව තිබෙන බවයි

මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ පරිසරය හා වායු දුෂණය වීම අවම කිරීමයි.

“ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” යැයි නිව්යෝර්ක් හි මාධ්‍ය අමතමින් ඇය මේ බව පවසා සිටියා .
greata thunberg සැප් 23 වනදා නිව්යෝර්ක් හි පැවැත්වීමට නියමිත ජගත් සංවිධාන පරිසර සමුළුව ඇමතීමට බලාපොරොත්තු වන අතර දෙසැම්බරයේදී චිලි හි පැවැත්වෙන COP25  පරිසර සමළුව ඇමතීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

Mohamed Dilsad

2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය ජැමෙයිකාවට

Mohamed Dilsad

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment