විදෙස්

ඩෙන්වර් බන්ධනාගාරයේ වෛද්‍යාධාර නොමැතිව දරු ප්‍රසූතියක්. [VIDEO]

(UTV| කොලරාඩෝ) – කොලරාඩෝ හි ඩෙන්වර් බන්ධනාගාරයේ කාන්තාවක් වෛද්‍ය ආධාර නොමැතිව සිර මැදිරියක තනිවම දරු ප්‍රසූතියක් කල සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් නගරයට සහ පොලිස් කාර්ය මණ්ඩලයට නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

ඩයනා සැන්චෙස් පැමිණිල්ලක් මගින් කියා සිටියේ පසුගිය වසරේ ප්‍රාන්ත බන්ධනාගාරයකදී “ වැසිකිළියට අඩියකින් දුරින් ඇති බැංකුවක තද සීතලේ ” තම දරුවා බිහි කිරීමට ඇයට බල කෙරුණු බවයි.

ඇය පැය ගණනක් දරු ප්‍රසූතියේ යෙදී සිටින බව පොලිස් කාර්ය මණ්ඩලය දැන සිටියත් ඇය නොසලකා හැර ඇති බව ඇය චෝදනා කර තිබේ.

ඩයනා සැන්චෙස් චෝදනා කර ඇත්තේ ඇය මාස අටකට වඩා වැඩි කාලයක්  ගැබ්ගෙන සිටි ඇය ප්‍රසුතිය සඳහා වෙලාවක් වෙනකරවා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හට කල් තබා දැනුම් දුන් බවයි.

ජුලි 31 වන දින ඇය ප්‍රසුති වේදනාවෙන් සිටින බව නියෝජිතයින්ට වාර්තා කළ බව එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඇය බන්ධනාගාර නියෝජිතයින් සහ හෙදියන් සමඟ එදින අවම වශයෙන් අට වතාවක්වත් කතා කර බව සඳහන් වෙයි.

නමුත් ඇය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව පැය හතරක් ,පහක් දක්වා කාලය තුල  ඇගේ සිරකුටියේ තනිවම දරු ප්‍රසූතිය කර අවසන් වූ බව එරට නිතිඥය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ 26 හැවිරිදි ඇය හැඳුනුම්පත් සොරකම් කිරීමේ චෝදනාව මත 2018 ජූලි 14 වන දින ඩෙන්වර් කවුන්ටි බන්ධනාගාරයට ගෙන ගිය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය මහ රැජින එළඹෙන ඉරිදා ජාතිය ඇමතීමේ සූදානමක්

Mohamed Dilsad

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

IMF වෙතින් රටවල් 2 ට ණය සහන

Mohamed Dilsad

Leave a Comment