ක්‍රීඩා

මෙවර UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය Messi, Ronaldo පරදමින් Virgil van අත්කරගනී [PHOTO]

(UTV| කොළඹ) – යුරෝපීය පාපන්දු පිටියේ ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය මෙම වසරේදී අත්පත්කර ගැනීමට ලිවර්පූල් ආරක්ෂක ක්‍රීඩක Virgil van Dijk ඊයේ (29) සමත් විය. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ එම සම්මානය සඳහා ලෝක ප්‍රකට සුපිරි ක්‍රීඩකයින් වන ලයනල් මෙසී හා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද තරග කිරීමයි.

ඒ අනුව Virgil van Dijk, යුරෝපයේ ඉහළම ගෞරවය වන UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු ආරක්ෂක ක්‍රීඩකයා, පළමු එංගලන්ත ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා මෙන්ම පළමු නෙදර්ලන්ත ක්‍රීඩකයා බවට ද පත්විය.

මෙසී 2011 වසරේ දී හා 2015 වසරේ දී එම සම්මානය දිනා ගත් අතර රොනාල්ඩෝ 2014, 2016 හා 2017 වසරවල දී එම ගෞරවය දිනාගනු ලැබීය.

මීට අමතරව 2012 වසරේ දී Andrés Iniesta, 2013 වසරේ Franck Ribery හා 2018 වසරේ දී Luka Modric එම සම්මානය අත්පත් කරගැනීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

එක්දින පුහුණූ තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

Mohamed Dilsad

Leave a Comment