ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

(UTV | කොළඹ) – දිවයින පුරා පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් අල්ලා ගැනීමට වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

වෙළෙඳපොළේ නැවත සහල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට ලද තොරතුරු මත දිවයිනම ආවරණය වන පරිදි සහල් වැටලීම් සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් අසූ පහක්ද නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් අසූවක්ද ලෙස පාලන මිලක් නියම කර ඇත.

සහල් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට සහල් විකුණන බවට තොරතුරු ලැබී ඇතැයිද අධිකාරිය සඳහන් කරන අතර මේ වසරේ ජනවාරි සිට මේ දක්වා වූ කාලය තුළදී සහල් වැඩි මිලට විකිණූ වෙළෙඳසල් දහසක් පමණ වටලා ඇත.

Related posts

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

Mohamed Dilsad

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්..

Mohamed Dilsad

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment