ප්‍රමුඛ පුවත 1

මෙරට ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තු අය කිරීමට නියමිතව ඇත.

වසර ගණනාවක් තිස්සේ මෙම ගාස්තු සංශෝධනය කර නොමැති අතර දිනකට ශ්‍රී ලංකා ගුවන් සීමාවේ ගුවන් ගමන් 300 ක් පමණ සිදු වේ.

මේ හරහා අමාත්‍යාංශයට අමතර ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තුවන බවත් නව ගාස්තු අය කිරීම ඉන්දියාවේ අය කරනු ලබන ගාස්තුවලට බොහෝ දුරට සමාන වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා මාලදියින් කමිටු සැසිය අදින් අවසන්

Mohamed Dilsad

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

Mohamed Dilsad

මෙරට ඉදිවන විශාලතම TRI ZEN ගොඩනැගිල්ලෙහි පයිලින් කටයුතු නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

Mohamed Dilsad

Leave a Comment