ක්‍රීඩා

ශ්‍රී ලංකා සහ නවසීලන්ත 20 – 20 පළමු තරගය අද

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (01) රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිතය.

තරග 03 කින් සමන්විත තරගාවලියට යමට නායකත්වය ලබාදෙන අතර නවසීලන්ත පිළට නායකත්වය ලබාදෙන්නේ ටිම් සවුතියි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20 තරග 11 ක් ක්‍රීඩා කර තිබෙන අතර , ඉන් තරග 07 ක් ජයගත් අතර තරග දෙකක් පරාජයට පත් විය.

නවසීලන්ත කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරග 07 කට ක්‍රීඩා කරමින් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරෙන් පසු පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20 ක්‍රිකට් තරග ජයක් වාර්තා කිරීමට මේ දක්වා සමත්කම් දක්වා නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයි.

නවසීලන්ත කණ්ඩායම එම සටහනේ 06 වන ස්ථානයේ පසුවෙයි.

විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙහිදී වැදගත් වන්නේ රට සිටින ස්ථානය නොව ක්‍රීඩකයන් දක්වන දක්ෂතාවය බවත් , නවසීලන්ත පිතිකරුවන්ට ලකුණු රැස් කර ගැනීමට පහසු නොවන ආකාරයේ පන්දු යවන්නන්ගේ සැළසුමක් තරගය සදහා සකස් කරන බවත්ය.

මෙම තරගාවලියේදී තවත් කඩුලූ 3 ක් ලබාගතහොත් ශ්‍රී ලංකා විස්සයි විස්ස පිලේ නායක ලසිත් මාලිංග විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලූ 100 ලැබූ ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වනු ඇති.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම බර එසවීමේ ඉසව්වකින්

Mohamed Dilsad

ලබන මස සිට ප්‍රංශයේ පාපන්දු තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment