(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සියොන් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස කොටස අධිකරණ නියෝගයකට අනුව අද (02) යළි ගොඩගැනීමට නියමිතයි.
මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමති ත්‍රස්තවාදියාගේ හිස මඩකලපුව – කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ මිහිදන් කරනු ලැබුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් අනුව, අදාළ නියෝගය ලබාදී තිබේ.
ඒ අනුව, මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කළේ දැනට මිහිදන් කර ඇති ස්ථානයෙන් මෙම ත්‍රස්තවාදියාගේ සිරුරු කොටස් ගොඩගෙන නිශ්චිතව එය මිහිදන් කිරීම සඳහා ස්ථානයක් හඳුනා ගෙන එම ස්ථානයේ තැන්පත් කරන බවයි.
සුදුසු ස්ථානයක් තීරණය කරන තුරු අදාළ හිස කොටස පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව මහ රෝහලේ තැන්පත් කර තබන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
පසුගිය දිනවල ප්‍රහාරකයාගේ සිරුරු කොටස් හින්දු සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව විරෝධතා එල්ල වීමත් සමඟ අධිකරණය අදාළ නියෝගය ලබාදී තිබුණේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]