ප්‍රමුඛ පුවත 1

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සබඳතා නව මානයකට

(UTV| කොළඹ) – දෙරට අතර පවතින සබඳතා නව මානයකට රැගෙන යන බව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා අග්‍රාමත්‍යවරයා පවසයි.

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සංස්කෘතික සහ සමාජ සබඳතා තවත් ශක්තිමත් වීමද එමගින් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා මෙම අදහස් පළකලේ මාලදිවයිනේ 3 දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මාලේ නුවරදී අද පෙරවරුවේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් සිය දැඩි කණගාටුව පළකරන බවද මාලදිවයින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ප්‍රචණ්ඩ ආගමික අන්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කර ඇත.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ප්‍රධානතම ශක්තිමත් බැඳීම යනු දෙරටෙහි ජනතාව අතර සබඳතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශගුණ විපර්යාස, කලාපීය ආරක්ෂාව , වාණිජ කටයුතු සහ සමුද්‍රීය කාරණා රැසක් කෙරෙහිද නායකයන් දෙපළ මෙහිදී කරුණු හුවමාරු කරගත් බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය පවසයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතා ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුම් 3 කට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණි.

දෙරටෙහි පුරවැසියන්ට දින 90 කට වලංගු වන ඔන් අරයිවල් වීසා ලබාදීම අඛණ්ඩව සිදුකිරීම සහ මාලදිවයින් සිසුන්ට මෙරට අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදැරීමේදී තවදුරටත් පහසුකම් පිරිනැමීමද ඊට ඇතුළත්වේ.

සමාජ ආරක්ෂණය,උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු හා තරුණ සංවර්ධනය යන අංශවලට අදාළවයි අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමග අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් , දයා ගමගේ , වජිර අබේවර්ධන සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ද මෙම සංචාරයට එක්ව සිටිති.

හෙට සහ අනිද්දා පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවේ සභාපතීත්වය දරනු ලබන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

Leave a Comment