විදෙස්

ඇමරිකා – තාලිබාන් ගිවිසුම් මගින් ඇමරිකානු හමුදා සෙබළුන් 5400ක් ඉවතට [video]

(UTV| කොළඹ) – ඇමරිකා – තාලිබාන් ගිවිසුම පදනම් කරගනිමින් ඇෆ්ඝනිස්ථානයේ වත්මනයේ යොදවා තිබෙන ඇමරිකානු හමුදා සෙබළුන් 5400ක් සති විස්සක කාලයක් ඇතුලත ඉවත්කරගැනීමට අවශ්‍ය සාකච්චාවන් පැවැත්වෙමින් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රථම වතාවට රුපවාහිනී මාධ්‍ය සම්මුඛ සාකච්චාවකට සහභාගිවෙමින් Zalmay Khalilzad ඇෆ්ඝනිස්තානු නායකයින්ට අදාල ගිවිසුම පිළිබඳව මෙලෙස පවසා තිබේ.

මෙම ගිවිසුමේ අන්තිම තීරණය ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් ගනු ඇති බවටයි වාර්තාවන්නේ.

මෙහිදී සිදුවූ සුවිශේෂී සිදුවිමක්නම්, අදාල සම්මුඛ සාකච්චාව සජීවීව පැවැත්වෙමින් තිබෙන අතරතුර kabul නගරයේ විශාල බෝම්බ පිපිරීමක් සිදුවන අතර, එම ප්‍රහාරයේ වගකීම ඇෆ්ඝනිස්තානු තලිබාන් සංවිධානය විසින් බාරගනු ලැබූ අතර, අදාල ප්‍රහාරය විදේශ හමුදා ඉලක්ක කරගෙන එල්ල කරනු ලැබූ ප්‍රහාරයක් බවට තලිබාන්වරු ප්‍රකාශ කර සිටි.

මෙම ප්‍රහාරයෙන් 16දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

ඇමරිකානු – තලිබාන් සකච්චවන්වලින් දිනපතා විදේශ හමුදා ඉලක්ක කරගෙන එල්ල කරනු ලබන ප්‍රහාරයන් කෙසේත්ම අඩුවනු නොමැති බව මෙයින් වටහාගත යුතු බවට යුධ මෙන්ම දේශපාලන විද්වතුන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝට්ටු අනතුරකින් ළමුන් 24ක් බිලි

Mohamed Dilsad

වාහන ආනයන ගැසට්පත්‍රයේ කරුණු ප්‍රශ්නගත බව වාහන ආනයනකරුවෝ පවසති.

Editor O

ලොවපුරා කොරෝනා රෝගී මරණ ගණන 90000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment