ප්‍රමුඛ පුවත 1

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

(UTV|පුත්තලම) – අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කෙරෙන ලොරි රථ වලට හානි කිරිම සහ ඊට එරෙහිව විරෝධතා දැක්වීම තහනම් කරමින් පුත්තලම දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරයි.

පුත්තලම දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් මෙම  නියෝගය ලබා දුන්නේය.

පුත්තලම දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ  අරුවක්කාලුවට කසල ගෙනයන ලොරිවල සිදුවන පහරදීම් සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙනය.

ඒ අනුව අරුවක්කාලුවට කසල ප්‍රවාහනය කිරිමට එරෙහිව මින් ඉදිරියට ප්‍රධාන මාර්ග , දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා දැක්වීම තහනම් වනු ඇත.

පසුගිය දිනවල ප්‍රදේශයේ සිදුවු විරෝධතාවන්ට මුල්වී කටයුතු කළ පුද්ගලයින් 4 දෙනෙකුට මෙම නියෝගය භාර දෙන ලෙසත් ඔවුන්ට ලබන 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් පුත්තලම දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

පසුගිය දින කිහිපය තුල අවස්ථා කිහිපයකදී අරුවක්කාලුවට කසල ගෙනයන ලොරිවලට ගල් ප්‍රහාර එල්ල වුණා. ඊට සම්බන්ධ වු සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසියද පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයි

Mohamed Dilsad

මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

පොහොට්ටුවට මහරගම අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment