(UTV| කොළඹ) – දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපතිවරයා පවසයි.
උතුම් මහමත්තුමාගේ ඉගැන්වීම ද එය බව ජනාධිපතිවරයා සිහිපත් කළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමිනි.
බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන අද දින සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමී ය.
මෙහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමයට කැපවූ ප්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටට ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත් ය.
“ණඅපට ශ්‍රී ලංකාව විශ්වාසය” “We Believe in SriLanka” යන තේමාව යටතේ රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21,000 ක සහභාගිත්වයෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර විදේශ රටවල බෝරාවරුන් 18,500ක පමණ පිරිසක් ඊට එක් ව සිටින අතර ශ්‍රී ලාංකික බෝරාවරුන් 2,500ක් පමණ සහභාගී වී සිටිති.
සියලු ජනකොටස් හා ආගමිකයන් අතර සාමය සහ විශ්වාසය ගොඩනංවිමන් ශ්‍රී ලංකාව තුළ ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් ලබාදීම අන්තවාදය බැහැර කළ, සාමයට කැපවූ බෝරාවරුන්ගේ මෙම සුමළුවේ අරමුණ වන අතර ශ්‍රී ලංකාව සංචාරයට සහ වෙළෙඳාමට සුදුසු රටක් බව ලොවට කියා පෑම ද මෙහි තවත් අරමුණකි.
ඩොලර් මිලියන 31ක විදේශ විනිමයක් මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවට ගණන් බලා ඇත.
මෙවැනි සමුළුවක් මින් ඉහතදී 2007 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර 7000ක පමණ පිරිසක් ඊට එක් වූහ.
පා.ම ෆයිසර් මුස්තාපා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක් ව සිටියහ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]