ප්‍රමුඛ පුවත 1

පූජිතගේ දිවුරුම් ප්‍රකාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අදයි

(UTV| කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශය පිළිගන්නේ ද නැද්ද යන නියෝගය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාල දිවුරුම් ප්‍රකාශය අසත්‍ය පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති බැවින් එය වහා ඉවත් කිරිමට නියෝග කරන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ(05) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබුණි.

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ(04) එම පෙත්සම් සලකා බැලූවේය.

ඊට අදාල විරෝධතාව පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ඇත.

එම දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතාව ලිඛිතව අධිකරණයට සහ පූජිත් ජයසුන්දර මහතාගේ නීතිඥවරයාට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

Mohamed Dilsad

සජිත් ගේ මංගල රැළියට ලැබුණු ප්‍රතිචාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment