ප්‍රමුඛ පුවත 1

දුමින්ද දිසානායක කොමිසමෙන් කල් ඉල්ලයි

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඊයේ(04) දිනයේ 2015/2018 කාල වකවානුවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර, එහිදී ඔහුගේ නීතීඥවරිය ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීමට අවශ්‍ය බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙසටයි.

ඒ අනුව ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මේ මස 10 වනදා පෙරවරු 9.30 ට යළි පෙනී සිටීමට නියමිතව ඇත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අධික මිලකට කුළී පදනම මත ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

තවත් බන්ධනාගාර තුනකට STF ආරක්‍ෂාව අද සිට

Mohamed Dilsad

Leave a Comment