ප්‍රමුඛ පුවත 1

සජින් ද වාස්ට ඇප [video]

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූවා. එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍රය හිටපු මන්ත්‍රිවරයාට භාර දුන් අතර පසුව විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.එහිදී මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසටද නියෝග කරනු ලැබීය.

විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයක් තිබේනම් එය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් නියෝගයක් කළ මහාධිකරණ විනිසුරුවරයා විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි බව දන්වා සිටියේය.

මේ අනුව නඩුව නැවත ඔක්තෝබර් මස 01 වනදා කැඳවන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට”කොස්මෝස්” යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවුණි.

මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment