ප්‍රමුඛ පුවත 1

දකුණු පළාතෙත් දවසෙන් ජාතික හැඳුම්පත් ගැනීමේ අවස්ථාවක්

(UTV| කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලය හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ලියාපදිංචිකිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසන්නේ හෙට පස්වරු 3.00 ට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේදී මෙය සංවිධානය කර ඇති බවයි.

ඒ අනුව හදිසි අවශ්‍යතාවයන් සඳහා එක් දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පළාත් කාර්යාල වෙත පවරා දීමේ වැඩ සටහනේ පළමු අවස්ථාවට දකුණු පළාත් කාර්යාලය තුලින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම පළාත් කාර්යාලය මගින් දකුණු පළාතේ මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුරවැසියෙකුට එක් දින සේවාව යටතේ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව තිබෙන බව සඳහන්.

තවද විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය කාර්යාල මේ වන විට වීපීඑන් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන කාර්යාලය දත්ත පද්ධතිය සමග ජාලගතව සම්බන්ධ කර ඇති අතර මෙමගින් දකුණු පළාතේ ජනතාවට ද හැඳුනුම්පත් ලබාගැනීම පහසුවේ

එලෙස ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ සාමාන්‍ය සේවය යටතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරන සියලූම ඉල්ලූම්පත්‍ර අදාළ ජාතික හැඳුනුම්පත් සැකසීමේ ඉදිරි කටයුතු මෙම පළාත් කාර්යාලය හරහා සිදුකිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

Mohamed Dilsad

ඩෙංගු අවධානම සමඟ අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

සජිත් රජයේ අගමැති ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment