ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති කොමිසම හමුවට

(UTV| කොළඹ) – අද(06) දින රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පෙනී සිටිමට නියමිතව තිබේ.

මෙලෙස ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව වාර්තා වේ.

අදාල ගොඩනැඟිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙනයාම සඳහා ලබා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවට කොමිසමට කරුණු අනාවරණව වී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කොමිසමට කැඳවන දෙවන අවස්ථාව මෙය වන අතර අදාල කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු කොමිසමට ලබා දීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

නුවන් වෙදසිංහ සී.අයි.ඩී.යේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

Mohamed Dilsad

මන්නාරමේ තවත් සමූහ මිණී වලක්දැයි සැකයක් අධිකරණ නියෝගයකින් කැනීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment