ප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

(UTV| කොළඹ) – පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 18 වන දින දක්වා කල් තැබීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

මෙම අධිකරණ තීන්දුවට අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතේ සරණාගත කඳවුරේ තවදුරටත් රැදී සිටිමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය දා තීරණය කළේය.

කෙසේවෙතත් පිටුවහල් කිරිමේ තිරණය එරට අධිකරණයක් විසින් අත්හිටුවීමත් සමඟ ශ්‍රි ලංකාවට පැමිණෙමින් සිටි ඔවුන් රැගත් යානය යළි ඔස්ට්‍රේලියාව බලා හරවා යැවුණි.

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් රැඳී සිට ඇති මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ දරුවන් දෙදෙනා පිටුවහල් කිරිමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයට එරෙහිව පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුළු නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ද සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෙවුනු පැය 24 තුළ ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

ජෝෂප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

Leave a Comment