(UTV| කොළඹ) – මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතු එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක යාපනය එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට(07) අරම්භ කෙරේ.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව එම ප්‍රදර්ශනය හෙට සිට ලබන 10 දක්වා දිනපතා පෙ.ව. 9 සිට රාත්‍රී 12 දක්වා යාපනය, මුට්රවේලි ප්‍රදේශයේදී මහජනතාවට විවෘත වනු ඇත.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය මගින් යෝජිත ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් යාපනය කොටුව අසල මුට්රවේලි ප්‍රදේශයේදී පැවැත්වේ.
යාපනය දිස්ත්‍රික්කයට ආවේණික කර්මාන්ත නංවාලීමේ අරමුණින් කාර්මික, කෘෂිකාර්මික, ධීවර හා සංචාරක ක්ෂේත්රයන්හි නව ව්‍යාපාර ඇරඹීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට මෙහිදී පොලී සහන ණය ලබාගත හැකිවේ.
රුපියල් ලක්ෂයක අවමයක සිට රුපියල් මිලියන 750 දක්වා ණය ලබාගත හැකිවන බැවින් යාපනයේ ව්‍යවසායකත්ව අපේක්ෂාවෙන් සිටින උගත් තරුණ තරුණියන් හට මෙමගින් පහසුවෙන් ණය ලබාගැනීමට හැකිවනු ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]