ප්‍රමුඛ පුවත 1

විද්‍යා පීඨ පත්වීම් නීතිවිරෝධී බවට චෝදනා

(UTV| කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පත්වීම්ලාභීන් 4000 කට වැඩි පිරිසකට පත්වීම් ප්‍රදානය කර ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටීන් උල්ලංගණය කරමින් බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ ඉහළ ඉසෙඩ් ලකුණු ලබා ගත් උසස් පෙළ සමත් සිසුන්ට මේ හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇති බවයි.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 4286 කට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (08) සිදුකරනු ලැබීය.

මේ අතර , ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන දස දහසක වියදමින් ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500 ක් එකම දිනකදී සිසු අයිතියට පැවරීම අද සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එකම යථාර්තවාදී ප්‍රතිපත්තිය [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සහ නව සන්ධානය ගැන තීන්දුව කල් යයි.

Mohamed Dilsad

අනවසර වැලි කැනිම් සිදු වන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්.

Mohamed Dilsad

Leave a Comment