ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනය ඇමති සජිත් අතින් විවෘත වෙයි

(UTV|යාපනය) – යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනයේ අද දිනයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසම සහභාගී වුණේ නිවාස ,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ  උතුරේ දේශපාලන ක්‍රියාකාරීන් හමුවීමට ද නියමිත බව වාර්තාවේ.

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනය අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා ආරම්භවූ අතර පසුගිය දින දෙකේ දී උතුරුකරයේ විශාල ජනතාවක් එම ප්‍රදර්ශනය එක්ව සිටියේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා  සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවේදී  ඉදිරි ජනධිපති අපේක්‍ෂයා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් සාධාරණ තීන්දුවක් ගනු ඇතැයි අමත්‍ය කබීර් හෂීම් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

70 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment