ප්‍රමුඛ පුවත 1

රනිල් සජිත් තීරණාත්මක සාකච්ඡාව අද

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත තීරණාත්මක සාකච්ඡාව අද(10) පැවැත්වේ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතරය.

මෙම සාකච්ඡාව අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා කෙරුණි.

අදාළ සාකච්ඡාව පසුගිය ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල අර්බුදය පිලිබඳ සෞඛ්‍ය අංශයේ අවධානය

Mohamed Dilsad

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

Mohamed Dilsad

ගිලන් රථ රියදුරු වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment