විදෙස්

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

(උදයම්,ඇමෙරිකාව)  –  උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු සාකච්ඡා පවත්වති.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෙත දුරකථන ඇමතුමක් ලබාදී  මේ පිලිබඳ කතාබහ කළ බව වාර්තාවේ.
මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි මතයක සිට කටයුතු කරන බවය.

එය ඇමරිකාවේ වගකීම බවද ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා වෙත පොරොන්දුවක් ලබාදුන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජපානය ඇතුලු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන්ද ඇමරිකාව පෙනී සිටින බවය.

උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනයේ හැසිරීම පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවයි ජපන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

බියර් සමාගමක සේවකයෙක් ලොවම කලඹවයි

Mohamed Dilsad

ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂ තීරණයකට අගමැති මෝදි ජාතිය ඇමතීමට සූදානම්

Mohamed Dilsad

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment