ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

 

(UTV-කොළඹ) – ඉදිරි දින කිහිපයේදී දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඌව , නැගෙනහිර, උතුර, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාන වල මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කෙරේ.

දිවයින වටා වන වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැක.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඒකාබද්ධ විපක්ෂය සහ එ.ජා.ප ය නියෝජනය කළ ප‍්‍රබලයින් ජනපති හා එක්වෙයි

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු වේ

Mohamed Dilsad

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment